සිංහලෙන් පමණක් ජාතික ගීය ගායනා කරන රජය තීරණය කර නෑ..- අගමැති

2020-01-14 05:11:00       776
feature-top
ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් යයි රජයක් ලෙස තීරණය කර නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවේදීය එහිදී අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කළා උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් දේශීයව සකස් කරන බව. ඒ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා ද?

අග‍්‍රාමාත්‍ය වරයා – ඔව් ඇත්තටම අපි ඒ පිළිබඳව සාකච්ඡුා කරමින් පවතිනවා. ඔබ දන්නවා ඉතාමත් ඉක්මනින් මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයෙන් පසුව තමයි අපි ඒ සම්බන්ධ ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන්නේ. එය රටට වැදගත් කාරණාවක් නිසා අපි දැනටමත් ඒ පිළිබඳව සාකච්ඡුා ආරම්භ කොට තිබෙනවා.

ප‍්‍රශ්නය – කදුරට ජනතාවට රුපියල් දහසක් දක්වා පඩි වැඩි කිරීමේ ප‍්‍රශ්නය ජනාධිපතිවරණයෙදි පොරොන්දුවක් හැටියට ලබා දුන්නා. ඊට විසඳුම ලබා දෙන්නේ කොයි වගේ කාලයක දී ද ?

අග‍්‍රාමාත්‍ය වරයා – කඳුරට වතු ජනතාවගේ ප‍්‍රශ්නය පිළිබඳවත් අපි දැනටමත් සාකච්ඡුා කරමින් ඉන්නවා. වතු සමාගම් සමඟ සාකච්ඡුා කිරීම ආරම්භ කොට තිබෙනවා. අපේ උත්සාහය ඉතාමත් ඉක්මනින් වතු ජනතාවට වැටුප් වැඩි කිරීමට පියවර ගැනීමයි.

ප‍්‍රශ්නය – ජිනීවා සමුළුවේදී රජයේ ස්ථාවරය කුමක් ද?

අග‍්‍රාමාත්‍ය වරයා – මෙවර ජිනීවා සමුළුවේ දී විශාල බලපෑමක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඊලග ජිනීවා සමුළුව වෙනකොට හිතවත් ජාත්‍යන්තරයේ රටවල් සමඟ සාකච්ඡුා කිරීමට අපි පියවර ගන්නවා. අපේ බලාපොරොත්තුව ඊල`ග ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාව පිළිබඳ ගැටලූවලට සාර්ථකව මුහුණ දීමයි.

ප‍්‍රශ්නය – දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබා දීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගේ මතයේ වෙනසක් තියෙනවා. ඔහු කියනවා අවුරුදු හැත්තෑවක් දෙමළ දේශපාලනඥයින් ජනතාව රැුවටූ බව. වත්මන් රජය දහතුන්වැනි සංශෝධනය සම්බන්ධ මතය වෙනස් කර ගෙන තිබෙනවාද ?

අග‍්‍රාමාත්‍ය වරයා – නැහැ එහෙම මතයක් වෙනස් කර ගෙන නැහැ. අවුරුදු හැත්තෑවක් පුරා දෙමළ දේශපාලනඥයින් ජනතාව රැුවැට්ටුවා. දෙමළ මාධ්‍ය වුණත් ඊට අනුබල දුන්නා කියලා මම හිතනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ නම් දෙමළ මාධ්‍ය එහෙම කළේ නැහැ. පසුගිය අවුරුදු හතරහමාරක කාලෙ පුරා එජාප ආණ්ඩුවක් තිබුණා. ඔවුන් උතුරේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න කිසිම දේකට පිළිතුරක් ලබා දීමට පියවර ගත්තේ නැහැ. දෙමළ ප‍්‍රශ්න වේවා අතුරුදහන්වූවන්ගේ ඒ ප‍්‍රශ්නය වේවා උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන ප‍්‍රශ්නය වේවා කිසිම දෙයකට පසුගිය රජයේ පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේ නැහැ. එදා අම්මලා අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් උපවාස කරනකොට සමහර රජයේ ප‍්‍රධානින් එතනින් වාහනවලින් ගියා. ඔවුන් දිහා බැලූවේ වත් නැහැ. නමුත් මේ අයට ඡුන්දෙ දීලා ආණ්ඩුව පිහිටුවන්න මූලික වුණේ දෙමළ ජනතාවයි. සෑම විටම එජාප ආණ්ඩුව රැුක ගත්තේ දෙමළ ජාතික සන්ධානයයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ ආණ්ඩුවයි. සංවර්ධනය කිරීම තබා එක බෝක්කුවක් හදපු තැනක් මට පෙන්නන්න ඔයාලට පුලූවන්ද.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා – පසුගිය මැතිවරණ සමයේ අපි උතුරු නැගෙනහිර සංචාරය කරපු වෙලාවේ දී ජනතාවගේ තිබුණු බරපතළ ම ප‍්‍රශ්නය තමයි ජීවත් වීමේ ගැටලූව. එහේ බොන්න වතුර ටික නැහැ. එහෙ මිනිසුන්ට පාරවල් නැහැ. අපි ඒ ගම්මාන ඇතුළේ ඇවිද්දා අපි දැක්ක එකම දේ තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ කියන එක.
දෙමළ දේශපාලනඥයන්ට දේශපාලන විසඳුමක් ලබාදීම ප‍්‍රමුඛතාවයක් උනාට මිනිස්සුන්ගෙ ප‍්‍රමුඛතාව තියෙන්නෙ ජීවත්වීමේ අමාරුවටයි. ඒ නිසා රජයේ විශේෂ අවධානය ඒ පිළිබඳව යොමු විය යුතුයි. උතුරේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ රජයේ වගකීම. පසුගිය අවුරුදු හතරහමාරක කාලයේ පුරා ආර් සම්බන්ධන් මහත්තයලා කොළඹට වෙලා බංගලා අරගෙන කාර් අරගන සැපසේ ජීවත් වුණා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගේ දරුවො ටික පිටරටවල්වලින් ගිහිල්ලා ඉගෙන ගන්නවා. උතුරේ මිනිසුන්ට මොනවද හම්බුනේ. කිසිම දෙයක් හම්බුනේ නැහැ. යාපනයේ ලයිට් කණුව හදන්නේ කළුතර මනුස්සයෙක්. යාපනයේ රෝහල් වල වැඩ කරන්නෙත් කළුතර මිනිස්සු. රාජිත සේනාරත්න ගේ අජිත් පී පෙරේරා ගේ මිනිස්සු ටික තමයි මේ වගේ ප‍්‍රදේශවල රස්සාව කළේ. අඩුම තරමේ දෙමළ ජාතික සන්ධානයට බැරිව ගියා උතුරේ මිනිහෙකුට රස්සාවක් අරන් දෙන්නටවත්.

අග‍්‍රාමාත්‍ය වරයා – පසුගිය රජය රැුකුණේ දෙමළ ජාතික සන්ධානය නිසා. දෙමළ ජාතික සන්ධානයට අවශ්‍යනම් ආණ්ඩුවට බලපෑමක් කරලා උතුරේ ජනතාවට රැුකියා අරන් දෙන්න තිබුනා. ඒ වෙනුවට ඔවුන් මොකක්ද කළේ. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අදත් කැබිනට් පත‍්‍රීකාවක් තියෙනවා. පිරිසිදු වතුර ව්‍යාපෘතියක්. අපි ඉක්මනටම උතුරේ ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීමටත් උතුර සංවර්ධනය කිරීමටත් කටයුතු කරනවා. අපේ අරමුණ උතුරේ දෙමළ ජනතාවට පීඩාවකින් තොරව ජීවත් වීමේ අවස්ථාව සැලසීමයි.

ප‍්‍රශ්නය – දෙමළ ජනතාවටත් මේ රට ගැන හැඟීමක් දැනීමක් තිබෙනවා.ජාතික ගීය දෙමළෙන් දෙමළෙන් ගායනා කරන්නේ නැහැ කියලා කතාබහක් තියෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් මේ ඇතිවෙලා තිබෙන හිඩැස ලොකු වෙන්න ඉඩ තියෙනවා නේද?

අග‍්‍රාමාත්‍ය වරයා – ජාතික ගීය පිළිබඳ ප‍්‍රශ්නය අපි දකින්නෙත් පත්තර වලින් තමයි. අපේ වේදිකාවල කියන්නේ නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් පමණයි කියලා. ජාතික ගියක් තියෙන්න පුළුවන් රටකට එකයි. සිංගප්පූරුවේ වුණත් ඉන්දියාවේ වුනත් විවිධ භාෂා භාවිතා වුණත් ජාතික ගීය ගායනා කරන්නේ එක භාෂාවකින් පමණයි. දෙමළ උත්සවයක් කරනකොට ජාතික ගීය ඒ භාෂාවෙන් කියන්න පුළුවන්. තහනමක් කරල නැහැ. ජාතික ගීය ගායනා කිරීම යම් යම් ප‍්‍රදේශ වල හැටියට සිදු කෙරෙනවා. මේ වගේ දේවල් කතා කරන එකේන්ම ජාතීන් අතර බේද වැඩි කරනවා. අපි රජයක් විදිහට තීරණය කරල නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් විතරයි කියලා. යම් යම් මත තිබෙන දේශපාලඥයින් විවිධ ප‍්‍රකාශ කරන්න පුළුවන්. ඒක ආණ්ඩුවෙ තීරණයක් විදිහට හිතන්න බැහැ.

ප‍්‍රශ්නය – පසුගිය දශකයක කාලයක් පුරා ලංකාව ආර්ථික අතින් දුර්වල තත්ත්වයක් තිබෙනවා. නමුත් ඇමරිකාව වැනි රටවල් අද වෙනකොටත් ඉතාමත් ශක්තිමත් ආර්ථික මට්ටමක් පවත්වා ගෙන යනවා. ආර්ථිකය ශක්තිමත් කොට වැඩි දියුණු කිරීම සඳහා ඉදිරි වසර පහක් තුළ සකස් කළ විශේෂ ආර්ථික සැලසුමක් තිබෙනවා ද?
අග‍්‍රාමාත්‍ය වරයා- අපේ මූලික අරමුණ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි පසුගිය අවුරුදු හතර හමාර පුරා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා – අපේ රටේ නිදහසින් පසු ව මහින්ද රාජපක්ෂ මහතා බලයට එන්නට කලින් වූ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 20 ට අඩුයි. ඒ නිසා තමයි අපි දීර්ඝ කාලයක් දුප්පත් රටක් අඩු ආදායම් රටක් බවට පත්වුණේ. යුද්ධ නිම වුණාට පසුව උතුරු නැගෙනහිර ඒ කියන්නේ භූමියෙන් තුනෙන් එකක් එකතුවෙලා වැඩකරන්න පටන් ගත්තා. රටේ උතුරු නැගෙනහිරත් එකතුව රටේ නිෂ්පාදනය ඉහළ ගියා.

2014 මහින්ද මහත්තයා රට භාර දෙනකොට ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන අසූවයි. ඒ නිසා රට ඉදිරියට ම ගියා. එම නිසා රට මැදි ආදායම් ලබන රටක් වශයෙන් හඳුන්වන්න පටන් ගත්තා. ලංකාවෙ සංවර්ධනයේ ඕනම ඉලක්කමක් අනුව ඉතාමත් විශිෂ්ටතම යුගය වන්නේ මහින්ද රාජපක්ෂ යුගයයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවට හෝ ජාත්‍යන්තර නිර්දේශයන්ට හෝ කිසි කෙනෙකුට කියන්න බැහැ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය ආර්ථිකයේ විශිෂ්ටතම යුගය නො වේ කියලා. එදා අපේ රට භාර දෙනකොට දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 89යි. පසුගිය අවුරුදු හතරහමාරක කාලයේ පුරා රටම සම්පූර්ණයෙන්ම ඇදවැටෙනවා. කෘෂිකර්මාන්තය කර්මාන්ත සහ සේවා සම්පූර්ණයෙන්ම අඩාල වුණා. මේක තමයි සමස්ත රටේ ක‍්‍රියාකාරීත්වය අවසන් ඉලක්කම් ගණනය කිරීම. නැවත 2014 තිබුන තත්වයට ගේන්න තව අවුරුදු දෙකක් විතර අපි සියලූ දෙනාටම මහන්සි වෙන්න වෙයි. ඊට පස්සේ ඊට වඩා වේගයකින් ඩොලර් බිලියන 150ක විතර ආර්ථිකයක් හදන්න අපි අපේක්ෂා කරනවා. සෞභාග්‍යය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පැහැදිලිව ම සෑම අංශයකම වර්ධනය කිරීම පිළිබඳව අපි දන්විධිමත් වැඩ පිළිවෙළක් දක්වා තිබෙනවා.

ප‍්‍රශ්නය – ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාවට නීතිවිරෝධීව පැමිණීම දිගින් දිගටම සිදුවෙනවා. මේ සඳහා ස්ථාවර විසඳුමක් ඔබතුමා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා ද

අග‍්‍රාමාත්‍ය වරයා – මෙච්චර කාලයක් ඉන්දියාව සහ අපි මේ පිළිබඳව සාකච්ඡුා කරලා තිබුණේ නැහැ. නමුත් මේ මාසයේ අපි ඒ පිළිබඳ සාකච්ඡුා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉන්දියාවේ සංචාරයක නිරත වන අවස්ථාවේ දී ඒ පිළිබඳව සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. උතුරේ ධීවරයන්ට තමයි මේ පිළිබඳ බරපතළ ම ප‍්‍රශ්නය තියෙන්නේ. මේ නිසා උතුරේ ධීවරයින්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. මේ පිළිබඳව ඩග්ලස් දේවානන්දා ඇමතිතුමා දැනටමත් සාකච්ඡුා ආරම්භ කරලා පවත්වාගෙන යනවා.

ප‍්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් ඒ කාලේ ක‍්‍රියාත්මක වුණා ගම සමඟ පිළිසඳරක් කියලා නමුත් ඒ යෝජනාව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සහ කඳුකර ජනතාව අතර හරියට ක‍්‍රියාත්මක වුණේ නැහැ. කලින් තිබුන වගේ උතුරු වසන්තය නැගෙනහිර වසන්තය කියලා වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන්නේ නැද්ද ?

අග‍්‍රාමාත්‍ය වරයා – අනිවාර්යෙන්ම අපි ඒ වගේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා. ජනතාව අපිව ඈත් කරාට අපි ඔවුන්ගෙන් ඈත් වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය – මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයේ නැහැ. මුස්ලිම් ජනතාව ගැන බලන්නේ කවුද?

අග‍්‍රාමාත්‍ය වරයා – ඇත්තටම පොහොට්ටුවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක් නැහැ. හැම පක්ෂයකටම මුස්ලිම් නියෝජිතයෙක් පත්කරන්න මුස්ලිම් ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි. ලබන මැතිවරණය වෙනකොට මුස්ලිම් නායකයෙකු පොහොට්ටු පක්ෂයෙන් බිහි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

විජයානන්ද හේරත්.
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.
(under the courtesy of lankacnews.com news web)

More News »