ගෙදර ගිය රාජිතගේ සූදානම ගැන නීතිඥයා කියයි

2020-01-14 01:31:00       736
feature-top
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න අද (14) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මේ බව කියා සිටියා.

දින 18 ක් නාරහෙන්පිට ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍යවරයා එම රෝහලෙන් පිටව ගියේ ඊයේ (13) රාති‍්‍රයේයි.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් සිද්ධි පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබා දුන්නා.  

හිටපු අමාත්‍යවරයා පපුවේ රිදුම් තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වුණේ එම නියෝගය ලබාදී දින දෙකකට පසුවයි. රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත්වු හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ ඉකුත් දෙසැම්බර් 30 වැනිදායි. කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා. එම පෙත්සම ලබන 17 වැනිදා කැඳවීමටයි කොළඹ මහාධිකරණය ඊයේ දින නියම කළේ.  


(under the courtesy of nethnews.lk news web)

More News »