මේ රටේ රජුන් තනන්නා මමයි..- තොණ්ඩමන්

2020-01-14 01:00:00       812
feature-top
කවුරුන් මොනවා කියව ද තවමත් මේ රටේ රජුන් තනන්නා තමන් බව ලංකා කම්කරු කොංග්‍රස් මහලේකම් ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වතුකරයේ ජනතාවට මුවා වී ඇතැමුන් රජුන් තනන්නන් වීමට උත්සාහ කලත් එම අවස්ථා වාදීන්ගෙන් උත්සාහය ජනතාව විසින් ජනාධිපතිවරණයේදි ව්‍යවර්ථ කර ඇතැයිද ඔහු පැවසුවේය.

ඉදිරි මැතිවරණයේදී ද තමන් වර්තමාන ආණ්ඩුව සමඟ එක පොහොට්ටුව ලකුණින් තරග කිරීමට අදහස් කර සිටින බවත් දෙමළ ජනතාව මේ ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබා ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »