අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..

2019-12-16 09:24:00       895
feature-top
ඉදිරි දින දෙක තුන ඇතුළත තමන් අත්අඩංගුවට ගනු ඇතැයි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමට නිර්දේශ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී අද පස්වරුවේ ඉල්ලා ඇත.

නමුත් ඔහු පරීක්ෂා කර ඇති වෛද්‍යවරයා පවසා ඇත්තේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමට තරම් අසනීප තත්ත්වයක් හෝ ශාරීරික දුබලතාවක් නැති නිසා තමනට ඒ සදහා නිර්දේශ කල නොහැකි බවයි.

අදාල හිටපු ඇමතිවරයා හා බැඳුනු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද කටයුතු කෙරෙමින් තිබේ.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම ප්‍රබලයා තමන්ව අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලමින් පෙර ඇප අයදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »