"මැතිවරණය ජය ගන්න පක්ෂනායකයෙකු වීම අත්‍යවශ්‍ය නෑ" - සජිත්ට දැන්වත් ඉදිරියට එන්නලු

2019-12-16 09:13:00       333
feature-top
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අතරයි.

මෙම සාකච්ඡාවෙන් පසු හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද හමුවී සාකච්ඡා කර තීරණයක් ගැනීමටයි පසුපෙළ මන්තී‍්‍රවරුන් තීරණය කර ඇත්තේ. අද පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් සුබවාදී ස්ථාවරයක සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. විසඳුමක් නැති වුවහොත් ගන්නා තීරණ ගැන ප්‍රකාශ කිරීමට මේ අවස්ථාව කල් වැඩි බවද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර ප‍්‍රකාශ කළේ පවතින අර්බුදයට සාධාරණ විසඳුමක් නොලැබුණ හොත් ළඟදීම වෙනත් විකල්පයක් පිළිබඳ අවධානය යොමු කරන බවයි.

කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ මැතිවරණ ජයග‍්‍රහණයට පක්ෂයක නායකයෙකු වීම අත්‍යවශ්‍ය නොවන සාධකයක් බවයි. ඒ අනුව හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස දැන් හෝ ඉදිරියට පැමිණ පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ කමිටුව සම්බන්ධයෙන් ද මේවනවිට අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, එහි සාමාජිකයින් දෙදෙනෙකු ඉකුත් දා ඉල්ලා අස්වීමත් සමගයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ පක්ෂ නායකයා සතු බලතල පිළිබඳ අවධ්‍යයනය කර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, පක්ෂයේ නීතීඥ කණ්ඩායමකට දැනුම් දී ඇති බවට ද වාර්තා පළ වනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »