ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හොඳින් දන්නා විග්නේෂ්වරන් මෙවැනි ප්‍රකාශයක් කළ හේතුව නීතිවේදීන් පෙන්වයි

2019-12-16 09:12:00       890
feature-top
උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සිදුකර ඇති ප‍්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. ජනාධිපති නීතීඥ මයුර ගුණවංශ පෙන්වා දෙන්නේ සී. වී. විග්නේෂ්වරන්ගේ ප‍්‍රකාශය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කිරීමක් බවයි.

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් ගොතන ලද ප‍්‍රබන්ධයකට අනුව මිස යථා මූලාශ‍්‍රවලින් තොරව බවට උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ඉකුත්  දා ප‍්‍රකාශ කර තිබුණා.

ඔහු පවසා තිබුණේ මෙරට කිසිඳු පුද්ගලයෙකුට හෝ දේශපාලනඥයෙකුට ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හැඳින්වීමට කිසිඳු ඉඩක් නොමැති බවයි. භික්ෂූන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් රචනා කර ඇති ඉතිහාසය ගැන කියැවෙන බොහෝ ග‍්‍රන්ථ තුළ සාවද්‍ය කරුණු ඇතුළත් කර තිබීමෙන් රටේ ජනතාව ද වැරදි අදහස් හා ආකල්ප වලින් යුතුව ජීවත් වන බව ද උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසා තිබුණා. උතුරු නැගෙනහිර පළාත්වල අතීතයේදී කිසිඳු සිංහල වැසියෙකු ජීවත් වී නොමැති බවත් එම ප‍්‍රදේශ දෙමළ වැසියන්ගේ නිජබිමක් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ.

නීතිවේදීන් පෙන්වා දෙන්නේ උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හොඳින් දන්නා පුද්ගලයෙකු බවයි. එවැන්නෙකු මෙවැනි ප‍්‍රකාශ සිදුකරන්නේ දේශපාලන අරමුණකින් බව ද ජනාධිපති නීතීඥ මයුර ගුණවංශ සඳහන් කළා.

නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත ප‍්‍රකාශ කළේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සිදුකර ඇත්තේ ජාතීන් අතර අසමගිය ඇති කරන ප‍්‍රකාශයක් බවයි.

උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සිදුකළ ප‍්‍රකාශය පදනම් කර ගනිමින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් පොලිස් මූලස්ථානයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) දිනයේ පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් වුණා. 

(under the courtesy of nethnews.lk news web)

More News »