කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට

2019-12-14 02:27:00       905
feature-top
කේරළ ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 753 ක් සන්තකව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මල්වාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එම සැකකරු නවගමුව හා කඩුවෙල ප්‍රදේශවල ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අතර දැනට බන්ධනාගාරගතව සිටින ගොත අසංක නමැත්තාගේ සමීපතම ගෝලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු සහ කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සදහා දොම්පේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »