ගෝටාභය ජනාධිපති වූ පසු දින දෙකකට වතාවක් මාධ්‍යවේදියෙකුට අඩත්තේටම් කලා.. දැනට 13යි.. එන ඡන්දෙදි බලාගමු..

2019-12-13 04:04:00       1340
feature-top
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී දින විසි හයක් ඇතුළත මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකුට අඩත්තේට්ටම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍ය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නුවන් නිරෝධ මහතා සඳහන් කළේය.

ඒ අනුව දින 2කට වරක් මාධ්‍යවේදියකුට හිරිහැරයක් සිදුව ඇති බවද ඔහු පැවසුවේය.

මේ දෙස බලා සිටින රටේ බුද්ධිමත් ජනතාවක් මීළඟ මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පිළිතුරු දෙනු ඇති බව ද ඔහු කියා සිටියේය.

ෆේස්බුක්, ට්විටර් මාධ්‍යවේදියෙක් වූ තමන්ද මෙම දින 26 ඇතුලතදී අඩත්තේටමට ලක් වූවෙකු යයිද ඔහු සදහන් කරන ලදී.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »