සජිත් පිල ගැටුම තෝරාගනී.. එජාප නායක තෝරන කමිටුවෙන් ඉවත් වෙති.. ලිපියකකටද අත්සන් ගනිති..

2019-12-13 04:03:00       1028
feature-top
එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිලිබද තීරණයක් ගැනීමට පත් කරන ලද කමිටුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නියෝජිතයන් ඉවත් වී තිබේ.

ඒ ගැන තවදුරටත් සාකච්ජා ‌‌කිරීමෙන් පලක් නැති නිසා ඊට සහභාගී නොවීමට එම පිල තීරණය කර ඇත.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, මලිකත් සමරවික‍්‍රම, තලතා අතුකෝරාල යන සජිත් පිලේ නියෝජිතයක් එම කමිටුවෙන් ඉවත් වී තිබේ.

මේ අතර වහාම එජාප කාත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි ‌ඉල්ලමින් එම පිල විසින් ලිපියකට අත්සන් තැබීම ඊයේ ආරම්භ කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »