පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප‍්‍රකාශයක්

2019-12-13 02:04:00       438
feature-top
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය එළඹෙන මහ මැතිවරණයට තරග වදින්නේ පුටුව ලකුණින් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ මෙම හමුව කොළඹ ඩාලී පාරේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »