FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..

2019-12-13 01:17:00       597
feature-top
පසුගිය රජය සමයේ පිහිටුවන ලද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පැමිණිලි භාර නොගන්නා බව සඳහන් කර ඇත.

අද පෙරවරුවේ එම කොට්ඨාශයට පැමිණිල්ලක් කිරීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාට ඔවුන් දන්වා ඇත්තේ එම කොට්ඨාසය විසින් පැමිණිලි බාර නොගන්නා බවයි.

එහිදී මුසම්මිල් මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ පසුගිය රජය සමයේ පිහිටුවන ලද මෙම නීතිවිරෝධී කොට්ඨාසයට පැමිණිලි ලබා දෙන ලද්දේ දේශපාලනඥයින් විසින් බව තව තවත් තවදුරටත් අද දින තහවුරු වූ බවයි.

එම කොට්ඨාශය යහපාලන ආණ්ඩුවෙන් පැමිණිලි එන තෙක් බලා සිටිනවා විය හැකි යයිද ඔහු කීයේය.
(under the courtesy of lankacnews.com news web)

More News »