‘ශ‍්‍රීයාලතා බැරිස්ටර් මං දන්නෙත් නෑ.. දැකලත් නෑ…’- වැඩේ ගැස්සුනු පසු ඇගේ නියෝජිතයා කියයි..

2019-12-12 10:58:00       1428
feature-top
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර් තමන් පුද්ගලිකව හඳුනන්නේ නැති බව කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා පවසයි.

මීට පෙර ඇය මුණ ගැසී හෝ දැක හෝ නැති බවත් ඇය ගැන කිසිදු තොරතුරක් නොදන්නා බවත් ඔහු සඳහන් කළේය.

රහස් පොලිසිය ඉදිරියේදී තමන් ඇයගේ නියෝජිතයකු යයි කීමට තමාට සිදුවූයේ මාධ්‍ය ඉදිරියේ කලබල වූ නිසා බවද ඔහු පැවසුවේය.

කිසිවෙකුට ප්‍රශ්ණයක් වූ විට සමාජ ක්‍රියාකාරිකයකු ලෙස තමන් එහි පෙනී සිටින යන බවද ඔහු සඳහන් කළේය.

පසුගියදා අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඇයගේ නියෝජිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ දී මාධ්‍ය හමුවක් සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා කළේ මංජුල පෙරේරා විසිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »