පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…

2019-12-12 09:09:00       908
feature-top
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරන ලද දූෂණ ක්‍රියාවන් හේතුවෙන් අද වන විට සෞක්‍ය අමාත්‍යංශයේ පැරසිටමෝල් ගෙන්වීමට හෝ මුදල් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සමග එක්ව දූෂණ කටයුතුවල නිරත වූ පිරිස් තවදුරටත් එම තනතුරුවල සිටින බවයි.

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන වංචා හේතුවෙන් නව සෞඛ්‍ය ඇමැතිවරියටද සියල්ල පසෙකලා ඖෂධ ගැනීමට සඳහා මුදල් සෙවීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවී ඇති වංචා දූෂණ සෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පත්කළ විශේෂ කොමිසම් සභා වාර්තාව වත්මන් ජනාධිපතිවරයා ලැබී ඇති බවත් එහි පරිවර්තන කටයුතු අවසන් වූ වහාම දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා අල්ලස් පනත යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් ජනාධිපතිවරයා එකඟ වූ බවද ඔහු කියා සිටියේය.

සෞඛ්‍යය පිළිබඳ ජාතික වැඩපිළිවෙළ ජනාධිපති කාර්ය සාධක බලකායක් මගින් ක්‍රියාවට නැංවීම නව ජනාධිපතිවරයා එකඟත්වය පළ කිරීමෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කිරීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

ලේකම්වරයා මේ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍ය අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »