පිස්තෝල කටේ එබීම ගැන රාජිතගෙන් ප‍්‍රශ්ණ කරයි.. ස්විස් සිදුවීමේ එකම සාක්‍ෂිකරු ඔහුයි…

2019-12-10 04:54:00       2051
feature-top
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යයි කියන සිදුවීම් සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

එම කාන්තාව පැහැරගෙන ගොස් දස වද දී පිස්තෝලයක් කටට ඔබා ප්‍රශ්න කර ඇති බව රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඒ හේතුවෙන් ඇය බියපත් වී බලාගත් අත බලාගෙන සිටින බවත් එනිසා ඇය ගිලන් ගුවන්යානයකින් ස්විට්සරලන්තයට යැවිය යුතු බවත් ඔහු පැවසුවේය.

කෙසේවෙතත් අදාළ කාන්තාවගෙන් රහස් පොලිසිය විසින් මේ ගැන කළ ප්‍රශ්න කිරීමේදී එවන් සිදුවීමක් සිදුවූ බවක් සඳහන් කර නැත.

මේ අතර ඇමැති මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාගෙන් අනිවාර්යෙන් ප්‍රශ්න කළ යුතු බවත් එකී සිදුවීම සම්බන්ධයෙන් මෙරට සිටින එකම සාක්ෂිකරුවා රාජිත සේනාරත්න මහතා පමණක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »