තෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදී ස්විස් නිලධාරිනිය පිටව යයි

2019-12-10 04:17:00       927
feature-top
පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් තුන්වන දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබෙනවා.

ඇය අද (10) පෙරවරු 09.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බවයි වාර්තා වන්නේ.

 ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් ගේ නඩුව යළි මේ මස 12 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතව තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »