ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරේ

2019-12-10 01:16:00       831
feature-top
පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තෙවන දිනටත් ප‍්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස්ගෙන් එහි නිලධාරීන් තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා.

ඇය අද (10) පෙරවරු 09.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඊයේ (09) දිනයේද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් පැය පහමාරක කාලයක් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා.

ඇයට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පැවසුවේ ස්විස්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අසත්‍ය ප‍්‍රකාශයක් සිදුකර ඇත්නම් ඇයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක් කළ යුතු බවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »