මහ මැතිවරණයේ ලකුණ පොහොට්ටුවයි.. වෙන ලකුණු එපා.. ශ‍්‍රීලනිප ඩිලාන් පුටුවට පයින් ගහයි..

2019-12-10 12:12:00       594
feature-top
රටම දන්නා හඳුනන පොහොට්ටුව ලකුණ වෙනුවට මහමැතිවරණයේදී වෙනත් ලකුණක් හඳුන්වා දීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

ලාංඡනයක නමින් පක්ෂයක් හඳුන්වන වෙනත් කිසිම පක්ෂයක් ලෝකෙ නැති බවත් එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඔහු පැවසීය.

ඒ තරමටම ජනප්‍රිය වී ඇති පොහොට්ටුව ලකුණ ඉවත් කරන්නේ කුමන පදනමකින්ද ඔහු ප්‍රශ්න කළේය.

පොහොට්ටුවෙන් තරග කළ ද අනෙක් පක්ෂවලට අසාධාරණයක් නොවන ලෙස කටයුතු
කළ යුතු බවත් ඒ සඳහා සාකච්ඡා කළ යුතු බව ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »