ස්විස් එම්බසි කතට පිස්තෝල කටේ එබු කතාවට රාජිත අත්ඇඩංගුවට ගන්නැයි කියයි…

2019-12-09 05:13:00       813
feature-top
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන කටට පිස්තොලයක් ඔබුවේ යයි පැවසූ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ ජාඇල දී පැවති ජනහමුවක් අමතමිනි.

ඔහු එහිදි මෙසේද පැවසීය.

බටහිර රටවල් වලට දෙමළ ඩයස්පෝරාවට අද තියෙන ලොකුම හිසරදය අපේ ආරක්ෂාවයි. ඒ නිසා අපේ ආණ්ඩුව දෙස් විදෙස් වශයෙන් අප කීර්තියට පත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය ඊට හොද උදාහරණයක්. පරික්ෂණ වලින් මෙතෙක් මෙවැනි පැහැර ගැනීමක් ගැන අනාවරණය වෙලා නැ.

හැබැයි රාජිත කියනවා ස්විස් කාන්තාව පැහැරගෙන ගිය හැටි, කටට පිස්තෝලේ ඔබපු හැටි. මේ යහපාලන ගොබිලන් මේ ගැන කලබල වෙලා ඉන්න විදියෙන් ම පැහැදිලියි මේවා සිදු වන්නේ කිසියම් කුමන්ත්‍රණයකට අනුව බව.

රාජිත කොහොමද මේවා දන්නේ. ඒ නිසා වහා ම රාජිත අත්අඩංගුවට ගෙන ඔහුට මේ තොරතුරු දුන් අය හෙළි කර ගෙන ඔවුන් ද අත්අඩංගුවට ගත යුතුයි. ”
(under the courtesy of lankacnews.com news web)

More News »