බැඳුම්කර වංචාවට අදාළ ඉදිරි පියවර ගැනෙන හැටි පැහැදිළි කෙරේ

2019-12-09 01:15:00       588
feature-top
වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු බැඳුම්කර වංචාවට අදාළ ඉදිරි පියවර ගැනීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා. එළඹෙන ජනවාරි මස 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු අදාළ වාර්තාව සභාගත කරන බවයි පැවසෙන්නේ.

මේ අතර අන්තවාදයට සහය දක්වන කණ්ඩායම්වලින් තොර ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ගත යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ වීරකැටිය ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

ශක්තිමත් රාජ්‍ය පාලනයක් ඉදිරියට ගෙනයාමට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »