යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…

2019-12-07 01:08:00       808
feature-top
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුලදී යථා තත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් විසින් පියවර ගනු ලැබීය.

බී 75 ප්‍රධාන මාර්ගයේ මාණිප්පායි කුසුමන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි මෙම පාලම අඩි 30 ක් දිගින් හා අඩි 15 ක පළලකින් යුක්ත වූ අතර  පාලම ඊයේ (06) සවස වැසි ජලයට කඩාගෙන යාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූරණයෙන්ම අඩාල වී තිබුණි.

මේ පිළිබඳව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාට ප්‍රදේශවාසීණ් විසින් දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ආඥාපති 10 වන ඉංජිනේරු රෙජිමේන්තුවට හා 16 වන ස්වේච්ඡා ගැමුණු බලෑනියට හැකි ඉක්මණින් පාලම යථා තත්වයට පත් කිරීමට උපදෙස් ලබා දෙනු ලැබීය.

එහිදී ක්‍රියාත්මක වූ යුද හමුදා සෙබලුන් ඊයේ මධ්‍යම රාත්‍රිය වීඹටත් පෙරම පාලම නැවත සාදා යථා තත්වයට පත් කළ අතර මේ වන විට එහි ගමනාගමන කටයුතුද යථා ත්වයට පත්ව ඇති බවට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය වැඩි දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »