ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා.. රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා..- බිමල්

2019-12-06 04:49:00       831
feature-top
මෙවර ජනාධිපතිවරණයෙන් ලැබුණේ රට ආපස්සට ගෙන ගෙනගිය ප්‍රතිඵලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

රට ඉදිරියට ගෙන ගිය බලවේග මෙම මැතිවරණයේදී පරාජය වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ලංකාදීප පුවත්පත සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

තම අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතාට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි රට තුළ බරපතළ සාකච්ඡාවක් තිබුණද එතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබි නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ වලදී ලබා ගන්නේ අඩු ඡන්ද ප්‍රතිශතයක් බවත් මහ මැතිවරණයේදී ප්‍රතිශතය ඉහළ යන බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »