කරු-නවීන් එජාප නායක්තවය පැහැර ගැනීමට කුමන්ත‍්‍රණ කරන බවට චෝදනා.. සජිත් පිලෙන් කුණු බැණුම්..

2019-12-06 02:42:00       911
feature-top
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාලා පිටු මෙහෙයවන්නන් විසින් මේ වන විට කථානායක කරු ජයසූරිය මහතා සහ එජාප පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාට එරෙහිව අපහාසාත්මක සටහන් මුදාහරිමින් ඇත.

ඒවායේ සඳහන් වන්නේ කරු ජයසූරිය සහ නවීන් දිසානායක මාමා සහ බෑණා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාගැනීම සඳහා කුමන්ත්‍රණය කරමින් ඇති බවයි.

ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්‍ෂය පාවා දී වෙනත් පක්‍ෂ හා සම්බන්ධ වී පසුව නැවතත් එජාපයට ආ අය බවද එම සටහන්වල දැක්වෙයි.

ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබාදීමට තීරණය කළ ද එජාප නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට පැමිණ සිටි තිබුණේ නැත.
(under the courtesy of lankacnews.com news web)

More News »