ශ්‍රී ලාංකික බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සාග් තරග බිමේ පදක්කම් දඩයමේ

2019-12-05 08:49:00       764
feature-top
13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ බර ඉසිලීමේ තරග අද (05) ආරම්භ වනවා.

ශී‍්‍ර ලංකා බර ඉසිලීමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද තරග බිමට පිවිසෙන්නේ පදක්කම් බලාපොරොත්තුද සහිතවයි.

පිරිමි කිලෝග‍්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වට ඉසුරු කුමාර සහභාගිවීමට නියමිත අතර කිලෝග‍්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කරමින් තිලංක පලගසිංහ අද තරග බිමට පිවිසෙනවා.

කාන්තා කිලෝග‍්‍රෑම් 45 බර පන්තිය යටතේ ඞී. එම්. ඒ. සමරකෝන් සහ කිලෝග‍්‍රෑම් 49 බර පන්තිය යටතේ හංසනී ගෝමස්ද අද තරග  වැදීමට නියමිතයි.

චමරි වර්ණකුලසූරිය කිලෝග‍්‍රෑම් 55 බර පන්තිය යටතේ තවත් තරගයකට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඊයේ පැවති තරගයකදී ශී‍්‍ර ලංකා පිරිමි කබඩි කණ්ඩායම ලකුණු 29 ට 27 ක් ලෙස පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කළා. ශී‍්‍ර ලංකා පිරිමි කබඩි කණ්ඩායම පාකිස්තානය පරාජය කළ දෙවන අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වුණේ.
(under the courtesy of nethnews.lk news web)

More News »