ප්‍රියංකර ජයරත්න අල්ලස් නඩුවෙන් නිදහස්

2019-12-03 02:35:00       319
feature-top
රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය කළේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි නඩුව අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස් කර ගැනීමෙන් අනතුරුවයි.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැදවූ අවස්ථාවේ අල්ලස් කොමිෂන් සභාව දැනුම් දුන්නේ මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතියෙන් තොරව බවයි. කෙසේවෙතත් මෙම නඩුව ඉල්ලා අස්කරගැනීම, නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව සිදු කරන බව අල්ලස් කොමිෂන් සභාව මෙහිදී දැනුම් දුන්නා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දුන් අතර රාජ්‍ය අමාත්‍යවරයා නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »