කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි

2019-12-02 03:06:00       840
feature-top
බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදියි.

කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රදවා සිටින සිර මැදිරියක වෙනම රදවා තිබුණා. එහි දොරේ මෙම ජංගම දුරකථනය රදවා තිබූණු බවයි බන්ධනාගාර ආංරචි පැවුසවේ. එලෙස සොයාගෙන ඇත්තේ සාමාන්‍ය මට්ටමේ දුරකතනයක් වන අතර එහි සිම්කාඞ් පත එම අවස්ථාවේ නොතිබූ බවයි බන්ධනාගාර බුද්ධි අංශය පවසන්නේ.

බූස්ස බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක අතර කංජිපානි ඉම්රාන් රදවා සිටින සිරමැදිරියේද සී සී ටී වී කැමරාවක් සවි කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ජංගම දුරකතනය ඔහුට ලබාදෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »