"අඩුපාඩු ඇත්නම් සාකච්ඡා කිරීමට සූදානම්" - මුස්ලිම් කොංග‍්‍රසයෙන් ප‍්‍රකාශයක්

2019-12-02 01:39:00       824
feature-top
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ ඉදිරි මහ මැතිවරණයෙන් පසු සාකච්ඡා කිරීමට සූදානම් බව මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිවුවහොත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දු පුවත්පතට ප‍්‍රකාශයක් සිදු කර තිබුණා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් කොළඹදී මේ පිළිබඳ අදහස් පළ කළා.

එහිදී "19 වැනි සංශෝධනයේ විධායකයත් පාර්ලිමේන්තුවත් අතර තියෙන ප්‍රශ්න කිහිපයක් මගහරවා ගැනීම සඳහා..ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම සඳහා යම් පියවර අපි අරන් තිබුණා. ඒක ආපසු හැරවීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක සාකච්ඡා මාර්ගයෙන් කළ යුතුයි. 19 සංශෝධනයෙන් පසුව ඇති වුණු සමහර සිද්ධීන් මත ඒ පිළිබඳව සාකච්ඡා කරලා යම් සම්මුතීන් ඇතකර ගත යුතුයි කියලා අපි හිතනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඒ පිළිබඳව අපිට සාකච්ඡා කළ හැකියි." යනුවෙන් සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ද අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ  තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් පළමුවෙන්ම කළ යුත්තේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් කිරීම බවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »