එජාප පසුපෙළ අද සජිත් හමුවෙයි

2019-12-02 01:14:00       866
feature-top
හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත්, එම සාකච්ඡාව පැවැත්වෙන නිශ්චිත ස්ථානයක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නොමැති බවයි පසුපෙළ මන්තී‍්‍රවරුන් ප‍්‍රකාශ කළේ. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පක්ෂ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සැලසුම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සාර්ථකවීමට නම් පක්ෂ නායකත්වයට සහ විපක්ෂ නායක ධූරයට, හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් වියයුතු බවයි.

ඉදිරි මහ මැතිවරණය සඳහා පක්ෂය තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ද අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ "ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්වීම පිළිබඳව දැන් විවිධ පාර්ශ්වයන් සමග අදහස් හුවමාරු වෙමින් තිබෙනවා. නායකත්වයේ සිට ඇතිකර ගත යුතු වෙනස්කම් පිළිබඳවත් මන්ත්‍රිවරුන්.. සංවිධායකවරුන් සම්බන්ධයෙනුත් දැන් කතා වෙමින් තියෙන්නේ." බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන බව, පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු සඳහන් කළේ එම රැස්වීමේදී විපක්ෂ නායක ධූරය සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම අවස්ථාවට රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද එක්ව සිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »