මියගිය පුතුට වන්දි ඉල්ලා අමෙරිකානු යුවලකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

2019-11-22 05:11:00       702
feature-top
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය 11 හැවිරිදි දරුවා වෙනුවෙන් වන්දි ගෙවන ලෙසට ඉල්ලා ඇමරිකානු පුරවැසිභාවය හොබවන දෙමාපියන් දෙපලක් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

ඇලෙක්සැන්ඩර් ඇරොව් සහ ඔහුගේ බිරිඳ මෙම පෙත්සම ගොනු කරමින් පවසා සිටින්නේ බලධාරීන්ගේ නොසැලකිලිමත් කමින් සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් තම මියගිය පුතණුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

පසුගිය අප්‍රේල් මස 21 දා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලය තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් උදෑසන ආහාරය ගනිමින් සිටි තම පුතා මියගිය බව පෙත්සම්කරුවන් පවසා සිටියි .

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, වැඩබලන පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කර ඇත.


(under the courtesy of nethnews.lk news web)

More News »