හිටපු අගමැති දී මූ ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

2019-11-22 05:10:00       723
feature-top
හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී මූ ජයරත්න මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (22) අවසන් ගෞරව දැක්වුවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

දිවංගත අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතාගේ දේහය අද පස්වරු 1 ට පමණ ගුවන් මගින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන එනු ලැබුවා. පස්වරු එකේ සිට පස්වරු 3 දක්වා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබුණා. දී මූ ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරුවේ ගම්පොල දොළුව ක්‍රීඩාංගණයේ සිදුකිරීමට නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

More News »