ශ‍්‍රීලනිප මන්ත‍්‍රී මෛත‍්‍රිව තඹේට නොතකති.. මෛත‍්‍රීට පාර්ලිමේන්තු එන්න ඉල්ලා අස්වෙන්න කිසිවෙකු සූදානම් නෑ..

2019-11-22 03:44:00       731
feature-top
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව අහිමි වෙමින් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉල්ලා අස්වීමට කිසිදු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සූදානම් නැති වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරමින් සිටියදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබුනද පවතින තත්වය යටතේ ඔවුන් කිසිවකු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.

ඇතැමුන් ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ප්‍රතිචාර නොදක්වන අතර තවත් පිරිසක් සිය ජංගම දුරකථනය විසන්ධි කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »