නිමල් සහ ඩලස් වැඩ භාර ගනී

2019-11-22 03:16:00       702
feature-top
අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම ධුරවල රාජකාරී ආරම්භ කර තිබෙනවා. අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළේ ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුවයි. එම අවස්ථාවට අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ති විජේතුංග ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

මේ අතර අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමද අද පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. පළමුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත් ඉන් අනතුරුව ක්‍රීඩා සහ තරුණ කටයුතු යන අමාත්‍යාංශවලටත් ගොස් අමාත්‍යවරයා නිල වශයෙන් රාජකාරී ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
 


(under the courtesy of nethnews.lk news web)

More News »