රනිල් ඉවත් වනු.. සජිත් නායක කරනු.. සිරිකොත ඉදිරියේ උපවාසයක් අරඹයි.. දිවි නසා ගැනීමට සූදානම්..

2019-11-22 02:21:00       708
feature-top
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව පවසමින් පිටකෝට්ටේ සිරිකොත එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ආබාධිත විශ්‍රාමික යුදහමුදා සෙබලෙකු විසිනි.

ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින් ඉවත්වී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බවයි තමයි.

මෙම ඉල්ලීම ඉටු නොවුවහොත් මෙම පුද්ගලයා සිරිකොත ඉදිරියේ දිවි නසා ගැනීමකටද සූදානමින් සිටින බව සජිත් පිලේ ආරංචි මාර්ග කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »