සජිත්ගේ විපක්ෂ නායක සිහිනයත් බොඳ වෙයි?

2019-11-22 02:00:00       714
feature-top
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් කථානායකවරයාට කර ඇති යෝජනාවට නීත්‍යානුකූලභාවයක් නොමැති හෙයින් එය බොහෝදුරට පාර්ලිමේන්තුව තුළ විසිවී යනු ඇතැයි වාර්තා වේ.

අදාළ, යෝජනාව සිදුකර ඇත්තේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් වීමත් එය කිසිදු දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් නොවීමත් යන කාරණාව හේතුවෙන් අදාළ යෝජනාවේ බලාත්මක භාවයක් නොමැති බව පැවසේ.

සජිත් විපක්ෂ නායක කරන්නැයි කරන ලද ඉල්ලීම මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 70ක් විසින් ඒකාබද්ධ විපක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ පිළිගන්නා ලෙස කථානායක කරූ ජයසූරිය මහතාගෙන් කරන ලද ඉල්ලීම හා සමාන එකක් බව පැවසේ.

එබැවින් එම යෝජනාව පාර්ලිමේන්තුව තුළ නොගනු ඇති බවද පැවසේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව විපක්ෂ නායක කරන ලෙස කර ඇති යෝජනාව පමණක් පාර්ලිමේන්තුවේදී ගනු ඇතැයි මේ අතර වාර්තා වේ.

මේ අතර එජාපයේ කුමන්ත්‍රණය නවතා සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පුද්ගලයකු සිරිකොත ඒජාප මූලස්ථානය ඉදිරිපිට උපවාසයක් ආරම්භකර ඇත.

lanka lead news

More News »