එජාප ප‍්‍රබලයෙක් මඩ ෆැක්ටරි සියල්ල පාවා දෙන්න සූදානම්.. ජනපතිට පණිවුඩය යවයි..

2019-11-22 12:53:00       702
feature-top
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයෙකු ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ තනතුරු රැක ගැනීමේ සටනට උරදී සිටී.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වූ විගස ඊට සම්බන්ධ වූ ඔහු ජනාධිපති මෛත්‍රීපාල මහතා ප්‍රේමදාස මහතාට සහය දක්වන බවට වක්‍රව ඇඟවෙන පරිදි ක්‍රියා කළේය .එම මාධ්‍ය මධ්‍යස්ථානය අන් සියලු අධ්‍යක්ෂවරුන් ගෝඨාභය මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට සහය දැක්වීය.

මෛත්‍රීපාල මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය දැක්වීමේ අවශ්‍යතාව ඔහු දැඩිව අවධාරණය කරමින් සිටියද දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් එම බලාපොරොත්තුව ඉටු නොවුණද එය මෛත්‍රීපාල මහතා ස්වාධීන වීමේ තීරණයට දැඩි බලපෑමක් එල්ල කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ලවා මෛත්‍රීපාල මහතාගේ ගුණ වර්ණනා කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මනස දෝලනය කරවීමටද ක්‍රියා කළහ.

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන ස්ථානයක් වූයේ විසුම් පායයි එහි ශාලා කිහිපයක් ගෝඨාභය මහතාට එරෙහි මඩ ව්‍යාපාරයට යොදා ගනු ලැබුවේ පාඨලී චම්පික රණවක මහතා විසිනි. පාඨලීගේ හොඳම ගෝලයන් මෙම මඩ ෆැක්ටරියේ අධ්‍යක්ෂකවරු ලෙස ක්‍රියා කළහ. අවසානයේ විමල් වීරවංශ මහතා මෙය මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. පැය 24 ක් යන්නට මත්තෙන් වසා දැමිණ .

දැන් මෙම පුද්ගලයා එම ධුරය ආරක්ෂා කර ගැනීමට දැඩි පරිශ්‍රමයක යෙදී සිටී . ඔහු ගෝඨාභය මහතාගේ පාර්ශවයේ නීතිඥවරයකු මාර්ගයෙන් පණිවිඩයක් යවා ඇත්තේ යළි එම තනතුරේ පිහිටුවන්නේ නම් පසුගිය කාලයේ මඩ ෆැක්ටරියේ සියලු තොරතුරු හෙළි කරන බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »