ජනපතිගේ වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් පිටි මිල අඩු කරනවා - ප්‍රීමා සමාගමෙන් නිවේදනයක්

2019-11-22 12:02:00       698
feature-top
අභිනවයෙන් තේරී පත් වූ අතිගරු ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ වෙළඳසැල් දැනුවත් කර ඇති බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය දින ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර වහාම ක්‍රියාත්මක වූ ජනපතිවරයා සිය විධායක ජනපති බලතල භාවිතා කරමින් ප්‍රීමා සමාගමේ තිරිගු පිටි ඒකාකාධිකාරිය බිඳ වැටෙන තීරණ කිහිපයක් ලබා ගත්තා.

ප්‍රීමා සමාගම මෙලෙසට තිරිගු මිල පහත හෙළීමට තිරණය කළේ ඉන්පසුවයි.


(under the courtesy of nethnews.lk news web)

More News »