අඟුලාන මංසන්ධියේ ගොඩනැගිල්ලක ගින්නක්

2019-11-22 08:47:00       716
feature-top
කොළඹ - ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ කටුබැද්ද, අගුලාන මංසන්ධියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ගබඩාවක් සහ ටයර් අළෙවි සැලක් මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ගින්න නිවීම සදහා මොරටුව, දෙහිවල - ගල්කිස්ස සහ කොළඹ යන ගිනි නිවීම් ඒකකවලින් ගිනි නිවීමේ රථ එවා තිබෙනවා. එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගිනි නිවීම් රථ 11 ක් ගින්න නිවීම සදහා යොදා ගැනෙන බවයි.

අලූයම 3 ට පමණ ගින්න පිළිබද තමන් වෙත පළමු වරට වාර්තා වූ බව මොරටුව ගිනි නිවීම් ඒකකය පැවසුවා.

ගින්න ඇතිවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් රැදී සිටියේ දැයි තවමත් තහවුරු කර ගෙන නැහැ. සිදුවූ හානියද ඇස්තමේන්තු කර නොමැති බව පොලීසිය පැවසුවා.

ගින්නට හේතුව තහවුරු කර ගැනීම සදහා විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

More News »