රටේ ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් සිටින්න : පොලිසියට ආරක්ෂක ලේකම් ගෙන් උපදෙස්

2019-11-21 08:44:00       704
feature-top
එළැඹෙන දින වලදි රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනදාට වඩා සැළකිලිමත් හා පරීක්ෂාකාරීව කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්නට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වු දේශපාලනික වෙනස් වීම් සමඟ පැහැරගෙන යාම්, බියවැද්දිම් සහ දේශපාලනික පළිගැනිම් සිදුවෙනු ඇති බවට රටේ ජනතාව අතර අනිසි බියක් ඇති නොවිය යුතු බවයි මෙහිදි ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදි ඇත්තේ.

රටපුරා ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ  ප්‍රදේශයන් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්,  සහකාර පොලිස් අධිකාරීවරුන් සහ අදාල ස්ථානභාර ස්ථානාධිපතිවරුන් වගකිව යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා හරහා ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ දර්ශණයට අනුව කිසිදු ජාති ,ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව සැමට සාමකාමී ලෙස ජීවත්විය හැකි වාතාවරණයක් සකස් කොට ඇත. ඒ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට කිසිදු බියකින් හෝ සැකයකින් තොරව එදින් එදා වැඩකටයුතු සිදුකරගෙන යා හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
 
යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළහොත් තරා තිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ආරක්ෂක ලේකම්වරයා උපදෙස් සියළු අංශ වෙත ලබා දී ඇත්තේ
(under the courtesy of nethnews.lk news web)

More News »