වෙනස ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

2019-11-21 08:43:00       691
feature-top
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (21) පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පැවසුවේ පෙරවරු 11.00 ට කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල නෙත් නිවුස් වෙත පැවසුවේ මීළඟ පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම මෙම හමුවේ ප‍්‍රමුඛ අරමුණ බවයි.

සිදුවූ දේශපාලන වෙනසත් සමග පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සහ තනතුරු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.  


(under the courtesy of nethnews.lk news web)

More News »