භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඇති හැකියාව ගැන පැහැදිළි කිරීමක්

2019-11-21 08:42:00       693
feature-top
බහුතර ජනමතයකින් තේරී පත්වූ ජනාධිපතිවරයාට සිය ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි සුදුසු ආණ්ඩුවක් පත් කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බව විද්වතුන් පවසනවා.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ශාන්ත කුමාර ගම්ලත් පැවසුවේ 19වන සංශෝධනය හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ ද අදහස් පළ කළා.

එහිදී "අද සිට මාර්තු 01 වැනිදා දින දක්වා යම්කිසි ආණ්ඩුවක් මේ පරණ පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කර ගන්න පුළුවන් වෙනවා. අපේ ව්‍යවස්ථාව තුළ භාරකාර ආණ්ඩුව කියලා දෙයක් විශේෂයෙන්ම සඳහන් වෙන්නේ නෑ. " යනුවෙන් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

More News »