කොකේන් ගුලි ගිල ලංකාවට පැමිණි විදෙස් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයට

2019-11-20 12:16:00       699
feature-top
කොකේන් ගුලි තොගයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවක් ඒවා පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී, ඇයගේ ආමාශය තුළ වූ ගුලි කිහිපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්වයට පත් වී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා.

තිස්පස් හැවිරිදි මෙම කෙන්යානු ජාතික කාන්තාව මුලින්ම කෙන්යාවේ ඉතියෝපියාව වෙත පැමිණ මෙම කොකේන් මිලදී ගෙන ඒවා උපත් පාලන කොපු තුළ බහා ගුලි  වශයෙන් සකස්කර ගිල දමා තිබෙනවා.

ඉන්පසු ඇය කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා.

ඉකුත් 17 දින සවස 4.20 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් ඇය මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඇය රුපියල් දෙකෝටි හැත්තෑ  ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 100 ක් පමණ  ගිල දමා ඇති බව ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

ඇයගේ මෙම දීර්ඝ ගුවන් ගමන සඳහා දින ගණනාවක් ගතවී ඇති අතර, එම කාලය අතරතුරදී ඇය විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 30 ක් පමණ පිටතට පැමිණ තිබූ බවයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.  

ඇය ඒවා ඇයගේ ගමන් මල්ලේ සඟවා ගෙන ඇති අතර ඇය අත්අඩංගුවට පත් වීමෙන් පසු මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තවත් කොකේන් ගුලි 19 ක් පිටතට ගැනීමට වෛද්‍යවරු සමත් වී තිබුණා.

මේ වන විට තව දුරටත් ඇයගේ ආමාශය තුළ කොකේන් ගුලි  51 ක් පමණ  ඇති අතර ඒවායින් කිහිපයක් ඊයේ (19) රාත්‍රියේ දී ඇයගේ ආමාශය තුළ දී පුපුරා යන්නට ඇති බවයි මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් සැක පළ කරන්නේ.
(under the courtesy of nethnews.lk news web)

More News »