තරුණියක් විසින් අසල්වැසි නිවසක දැරියක් පොහොර උරයක දමා ළිඳට දමා තිබියදී හමු වේ
2019-11-20 08:37:00  ★ 700

වයස අවුරුදු 03යි මාස 04ක් වන දැරියක අසල්වැසි නිවසේ තරුණියක් විසින් පොහොර උරයක දමා ගැට ගසා ළිඳට දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඊයේ (19) පෙරවරු 10.30ත් 12.50ත් අතර කාලයේදී ගල්නෑව පොලිස් වසමේ මිදෙල්ලෑව සියඹලෑව ප්රදේශයේ නිවසක තම මිත්තනිය සමග සිටි මෙම බාල වයස්කාර දැරිය අතුරුදහන්ව ඇති බවට ගල්නෑව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
අතුරුදහන් වූ දැරියගේ දෙමාපියන් රැකියාවට ගොස් ඇති අතර මිත්තනිය සමග දැරිය දිවා කාලයේ තනිව ගත කරන බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ සෑම දිනකම මෙම දැරියව අසල්වැසි තරුණියක් විසින් ඇයගේ නිවසට රැගෙන යන බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිසිය එම නිවස පරීක්ෂා කර තිබෙනවා.
එහිදී අසල්වැසි තරුණියගේ නිවස අසළ තිබූ ළිඳක පොහොර උරයක දමා මෙලෙස ගැට ගසා ළිඳට දමා තිබියදී මෙම දැරියව සොයා ගැනුණා. පසුව දැරියව ප්රතිකාර සඳහා රෝහල් ගත කෙරුණද රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මිදෙල්ලෑව සියඹලෑව නෑගම්පහ ලිපිනයේ පදිංචි නෙතුන්යා නෙතුලි විජේසිංහ නැමැති දැරියක්.
මෙම ඝාතනය හදිසි කෝපය මත අසල්වැසි තරුණිය විසින් ගෙල සිරකර ළිඳට දැමූ බවට සැකකාරියගෙන් ප්රශ්ණ කිරීමේදී කරුණු අනාවරණය වී තිබෙනවා. වයස අවුරුදු 22ක් වන එම අසල්වැසි තරුණිය අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
(under the courtesy of nethnews.lk news web)

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි..
2019-12-07 11:56:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com