පාර්ලිමේන්තුවේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග 03ක් ගැන සියලු පාර්ශ්වවල අවධානය

2019-11-19 12:07:00       729
feature-top
මෙම මස 16 වන දින පැවති ජනාධිපතිවරණය ජයගෙන නව ජනාධිපතිතුමන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු පක්ෂ නායකයින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකතුමන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව පහත සඳහන් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.

    ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි 2020 මාර්තු මස 01 දින පාර්ලිමේන්තුව විසිරුවා හැර අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවකාශය සැළසීම.
    මන්ත්‍රීවරු විසින් ස්වෙච්ඡාවෙන් 3/2 බහුතරය ලබා දී පාර්ලිමේන්තුව විසිරුවා හැර වහාම මහ මැතිවරණයකට යොමු වීම.
    අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමන්ට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ඉඩ අවකාශ සැළසීම.

සාකච්ඡාවන්හිදී අවධානය යොමු කරන ලද ඉහත ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළැඹීමට නියමිතයි.

ඉහත කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ස්වකීය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර කථානායකතුමන් දැණුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කථානායකවරයා විසින් කැඳවනු ඇති.


(under the courtesy of nethnews.lk news web)

More News »