කොළඹ වරායේ දොඹකරයක දම්වැල් කැඩී හිසේ වැදී අයෙක් මරුට

2019-11-19 10:09:00       710
feature-top
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේදී සිදුවූ අනතුරකින් සේවකයෙකු මියගොස් තිබෙනවා.

අද (18) උදෑසන 9.30ට පමණ මෙම අනතුර සිදු ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ නැවකින් භාණ්ඩ ඉවත් කරමින් තිබූ දොඹකරයක දම්වැල කැඩී සේවකයෙකුගේ හිසක වැදී ඇති බවයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.


(under the courtesy of nethnews.lk news web)

More News »