"ජනමතයට ගරු කරමින් ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි"

2019-11-19 09:37:00       699
feature-top
ජනමතයට ගරු කරමින් වත්මන් ආණ්ඩුව ඉදිරියේදී සාදාචාරාත්මක තීන්දුවක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අවසන් වරට පැවැති ඡන්ද විමසීම් කිහිපයේදී එක්සත් ජාතික පක්‍ෂය ජනතාවගෙන් ප්‍රතික්‍ෂේප වී ඇති බවයි ඔහු කියාසිටියේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග මෙරට දේශපාලන සංස්කෘතියේ නැවුම් බවක්ද ඇති වී තිබෙන බවයි කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

කොළඹ කොටස් වෙළදපොලේ ඊයේ (18) සිදුවූ වර්ධනයද කඩා වැටුණු ආර්ථිකයට රුකුලක් වී ඇති බවද ඔහු මෙහිදි පැහැදිලි කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »