පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් පහර දී එජාප සංවිධායක රෝහලේ.

2019-11-19 08:56:00       697
feature-top
වව්නියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාස මහතාට 18 සවස දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

එක්සත් ජාතක පක්ෂ ප්‍රධාන සංවිධායක වරයා වව්නියාව නෙඩුන්කුලම් ග්‍රාමයේ සිය නිවසේ සිටින අවස්ථාවේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ ජය සමරමින් ආ තරුණයින් පිරිසක් විසින් රතිඤ්ඤා පත්තු කරමින් ජයඝෝෂා පවත්වා ඇති අතර එහිදී අදාල රතිඤ්ඤා එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරයාගේ නිවෙස් භූමියට දැමීම හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට වාර්ථා වෙයි.

පහරදීමෙන් අසාද්‍ය වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක වරයා එම අවස්ථාවේදීම වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර අදාල පහරදීම සිදු කල පිරිස් පලා ගොස් ඇති බවත් පහරදීමට සමබන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද වව්නියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.


(under the courtesy of lankacnews.com news web)

More News »