ගෝඨාභයට සුබ පතමින් යුරෝපා සංගමය සිය ස්ථාවරය පැහැදිළි කරයි

2019-11-19 08:52:00       698
feature-top
නව ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය සහ යුරෝපා සංගමයද සුබපැතුම් එක් කර තිබෙනවා.

යුරෝපා සංගමය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ අංශ කිහිපයක් ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුවද ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පවත්වා ඇති බවද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ද භාවිත කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථාවරත්වය තහවුරු කර ඇති බවට සනාථ වී ඇති බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

වෙළදාම, විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්‍ෂාව ඇතුළු අංශ ගණනාවක් ආවරණය වන පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »