නව රජයක් පිහිටුවනවා.. රටේ යහපතට විධායක බලය යොදන්න කිසිසේත්ම පසුබට වන්නේ නෑ..- ජනපති කියයි..

2019-11-18 05:11:00       700
feature-top
තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ රජයක් පිහිටුවීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ බව කියා සිටියේ අද අනුරාධපුර රුවන්වැලිසෑයේ සලපතල මළුවේ දී පළමු වතාවට ජාතිය අමතමිනි.

රටේ යහපත වෙනුවෙන් තම විධායක බලතල ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.

‘මම මගේ රටට ආදරේ කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මගේ රට ගැන මට දැක්මක් තිබෙනවා. සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අනාගත පරපුර වෙනුවෙන් එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉල්ලා සිටිනවා’ යැයිද ඔහු එහිදී සඳහන් කලේය.


(under the courtesy of lankacnews.com news web)

More News »