කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපුයම අත් හිටුවයි

2019-11-18 05:08:00       694
feature-top
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ, අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

තවත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්වයක් යටතේ ජලය සපයන බවයි  ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ මාළිගාවත්ත, මාළිගාකන්ද, පළමු මරදාන, කොටුව, පිටකොටුව, චිත්තප්පලම් ඒ.

ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශවලටයි. කොළඹ 03, 07, 08, 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවලට අඩු පීඩන තත්වයක් යටතේ ජලය සපයන බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

මේ අතර, මෙම අළුත්වැඩියාව හේතුවෙන් අවිස්සාවේල්ල - කොළඹ පරණ පාර, අංගොඩ හන්දිය අසලින් තාවකාලිකව වසා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දී දෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »