අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජපාන අගමැතිගෙන් සුබ පැතුම්

2019-11-18 05:05:00       705
feature-top
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන්, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සිය සුබ පැතුම් පළ කර තිබෙනවා.

ජපාන තානාපති කාර්යයාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, නව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා - ජපාන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවයි.

ආර්ථික සංවර්ධනය සහ වෙනත් කටයුතු උදෙසා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් වෙනුවෙන් තවදුරටත් සහයෝගය ලබාදෙන බව ද ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සිය සුබ පැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »