අමාත්‍ය හරීන් ඉල්ලා අස්වෙයි

2019-11-17 02:35:00       690
feature-top
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ ජනතාව ලබාදුන් තීන්දුවට ගරුකරමින් තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

තමාගේ ධුර කාලයේදී සහය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකරන අතරම සිදුකළ යහපත් ක්‍රියාවන් ඉදිරියට සිදුකරගෙන යාමට බලාපොරොත්තුවන බවට ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »